යූනියන් ඇෂුවරන්ස් සමාගම ජාතික විකුණුම් සම්මාන උළෙලේදී ඉහළම තලයේ සම්මාන කිහිපයකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ වඩාත්ම පුරෝගාමී ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, පසුගියදා ‘Monarch Imperial’ හිදී පැවති 2022 ජාතික විකුණුම් සම්මාන උළෙලේදී සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් සිදුකරන ලද ස්වාධීන සමීක්ෂණයක් තුළින් මෙහි සම්මානලාභීන් තෝරාගන්නා ලද අතර, එහිදී බැංකු රක්ෂණ සේවා අංශය යටතේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබීමට යූනියන් ඇෂුවරන්ස් සමාගමට හැකියාව ලැබිණි.

මෙහිදී ‘ජාතික විකුණුම් කළමනාකරු’ කාණ්ඩයේ ජයග්‍රහණය යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සහකාර උප සභාපති (බැංකු රක්ෂණ සේවා) දමිත් වික්‍රමතුංග වෙත හිමි වූ අතර, ‘බල ප්‍රදේශ කළමනාකරු (ජීවිත රක්ෂණ)’ කාණ්ඩයේ රිදී සම්මානය කලාපීය කළමනාකරු (බැංකු රක්ෂණ සේවා) හර්ෂණ ප්‍රනාන්දු වෙත හිමි විය. ‘විකුණුම් අධීක්ෂක – ජීවිත රක්ෂණ’ කාණ්ඩයේ ලෝකඩ සම්මානය නිමේෂ ජයසේකර වෙත හිමි වූ අතර, ‘ඉදිරිපෙළ සාමාජික/සාමාජිකා – ජීවිත රක්ෂණ’ කාණ්ඩයේ ජයග්‍රහණය ෂන්මුගම් මේනකා විසින් හිමිකරගන්නා ලදී.
ජයග්‍රාහකයන් පෙන්නුම් කළ කැපවීම හා වෘත්තීය ගුණාංග පිළිබඳව සිය ප්‍රසාදය පළකළ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ සේවා ප්‍රධානී විශාන්ත් විජේසිංහ මහතා කියා සිටියේ, සේවා විශිෂ්ටත්වය ඔවුන්ගේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධානතම සාධකය බවයි. “ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන මෙම සම්මාන උළෙලේදී මේ ආකාරයට සම්මාන කිහිපයකින් පිදුම් ලැබීමට අපගේ කණ්ඩායම සමත් වීම, සමාගම මගින් ඔවුන්ට විශිෂ්ට පුහුණුවක් සමග ඔවුන්ගේ ඉදිරි ගමනට මනා අත්වැලක් ලබාදෙන බවට මනා සාක්ෂියක්. මේ ඔස්සේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම මට්ටමේ විසඳුම් පෙළක් සහ සම කළ නොහැකි සේවාවක් ලබාදීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.” විශාන්ත් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.
විකුණුම්කරණය ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ මෙන්ම ජාතියේ උන්නතියට දායක වන පුරෝගාමී බලවේගයක් බවට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය දරන උත්සාහයේ එක් වැදගත් පියවරක් වශයෙන් මෙම ජාතික විකුණුම් සම්මාන උළෙල සංවිධානය කෙරේ. මෙරට සිටින ජාත්‍යන්තර තලයේ විකුණුම් වෘත්තිකයන් ඇගයීමට ලක්කිරීම මෙන්ම, මෙම සම්මාන උළෙල දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම සම්මාන වැඩසටහනක් බවට පත්කිරීම එම ආයතනයේ අරමුණ වී ඇත.

ජාතික විකුණුම් සම්මාන උළෙල කර්මාන්ත 20 කට අධික සංඛ්‍යාවක විකුණුම් අංශවල සේවය කරන විශිෂ්ටයන් ඇගයීමට ලක්කරයි. තම ක්‍රියාකාරීත්වය අනුව තම සමාගම් හරහා මෙම සම්මාන සඳහා අයදුම් කිරීමට විකුණුම් වෘත්තිකයන්ට අවස්ථාව හිමි වේ. සෑම කාණ්ඩයක් සඳහාම රන්, රිදී හා ලෝකඩ සම්මාන පිරිනමනු ලබන අතර, තමන් නියෝජනය කරන කර්මාන්තය හෝ ක්ෂේත්‍රය කුමක් වුවත් සමස්ත කාණ්ඩයේ සම්මාන දිනාගැනීමට ජාතික හා කලාපීය විකුණුම් කළමනාකරුවන්ට අවස්ථාව ලැබේ. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණ විශ්ලේෂකයන් පිරිසක් විසින් ස්වාධීනව එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගනු ලබයි.

ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2023 මාර්තු මාසය වන විට රු. බිලියන 19.4 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහ රු. බිලියන 57.7 ක ජීවිත රක්ෂණ අරමුදලක් වාර්තා කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිත අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමන අතර, එහි කාර්ය මණ්ඩලයේ සේවය කරන සංඛ්‍යාව 4,000 කට අධික ය. රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික-කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් යූනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *