Union Assurance Retirement Calculator එළිදක්වයි

ඔක්තෝබර් 1 වන දාට යෙදුණු ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් සමාගම ‘Union Assurance Retirement Calculator’ ආරම්භ කිරීම පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කරයි. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන් ම වයස්ගතභාවයට පත්වන ජනගහනයක් සමග පොරබදමින් සිටින බැවින්, විශ්‍රාම ගැනීම සඳහා මූල්‍ය සූදානමේ වැදගත්කම පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීමට සමාගමේ ඇති කැපවීම මෙම මුලපිරීම තුළින් අවධාරණය කෙරේ.

Union Assurance Retirement Calculator භාවිතයට පහසු මාර්ගගත මෙවලමක් වන අතර www.unionassurance.com/retirementcalculator/ ඔස්සේ ඊට පිවිසිය හැකිය. දැනට වයස, විශ්‍රාම ගැනීමට අපේක්ෂිත වයස, වත්මන් නියමයන්ට අනුව ආදර්ශ මාසික ආදායම සහ විශ්‍රාම ගැන්වීම සඳහා වෙන් කර ඇති වත්මන් ඉතුරුම් (විකල්පමය) ආදී තොරතුරු ඇතුළත් කිරීමෙන් විශ්‍රාම ගැනීමට තමන්ට ඇති මූල්‍යමය සූදානම තක්සේරු කර ගැනීමට එමගින් අවස්ථාව හිමි වෙයි.

මෙම ගණක යන්ත්‍රයේ විශේෂත්වය වන්නේ, උද්ධමනය සහ පොළී අනුපාතවල බලපෑම ගණනය කිරීම්වලදී විශ්‍රාමික කාලය තුළ එම සාධක ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා කෙරෙහි බලපාන ආකාරය පිළිබඳ යථාර්ථවාදී ඉදිරි දර්ශනයක් පරිශීලකයින්ට ලබා දීමය.

විශ්‍රාම ගැනීම යනු වයස හෝ වෙනත් තත්ත්වයන් නොසලකා, සෑම දෙනෙකු ම මුහුණ දෙන යථාර්ථයකි. Union Assurance Retirement Calculator වෙත පිවිස සුවපහසු විශ්‍රාම දිවියක් ළඟා කර ගැනීමට ඇති සූදානම තක්සේරු කිරීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සමාගම සියලු දෙනා දිරිමත් කරයි.

යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථක දශක තුනක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රු. බිලියන 18.0ක් වන අතර ජීවිත අරමුදල 2023 ජූනි මස අවසන් වන විට රු. බිලියන 60.4 කි. ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම වර්ධනය කිරීමට සහ ජීවිත රැක ගැනීමට පිහිටුවා ඇති යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව, විශ්‍රාම ගැනීම සහ අධ්‍යාපනය ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික ශ්‍රම බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *