එක්සත් ජාතික පක්ෂය බලය පිහිටුවා ඇති පළාත් පාලන ආයතන 21 ක බලය පෙරළා දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහායෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ලැබූ පළාත් පාලන ආයතන 21 ක බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් එක්ව බලය පිහිටුවා තිබෙනවා.
ඒ ආකාරයට හම්බන්තොට නගර සභාවේ බලය ශ්‍රීලනිපය පිහිට වූ අතර තංගල්ල හා කටුනායක – සීදුව නගර සභාවල බලය එක්සත් ජාතික පක්ෂය පිහිටවීය.
එම ආයතනවල බලය පෙරළා දැමීම මූලික පියවර ලෙස කළ යුතු බවද පොදුජන පෙරමුණේ නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ට පෙන්වා දී ඇති අතර මෙම කරුණු ඉටුකිරීම ශ්‍රීලනිපයේ කැපවීම පෙන්වන කරුණක් බව පොදුජන පෙරමුණු නියෝජිතයන්ගේ අදහසයි.
ආණ්ඩුවට එරෙහි පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැගීමේ මූලික පියවරක් ලෙස පසුගිය බ්‍රහස්පතින්දා (21) වැනිදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පක්ෂය දෙවන වරට පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.