අමෙරිකාව දිනක මරණ දහස ඉක්මවයි

ඉකුත් පැය 24 ක කාලය තුළ අමෙරිකාව මෙන්ම ප‍්‍රංශයෙන් වාර්තා වන නව කොරෝනා මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව ඊයේ දිනය තුල අමෙරිකාවේ සිදුව ඇති නව කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 1,314 ක් ලෙසයි.

ප‍්‍රංශය තුළ ඊයේ දිනයේ පමණක් නව කොරෝනා මරණ 1,120 ක් සිදුව තිබෙනවා. ඒ අනුව ගතවූ පැය 24 තුළ වැඩිම නව කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙන්.

අමෙරිකාවේ සිටින සමස්ථ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට 276,037 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනය තුළදී පමණක් එරටින් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් ගණන 31,160 ක්.

මේ අතර ගතවූ පැය 24 තුලදී ස්පාඤ්ඤයෙන් නව කොරෝනා මරණ 850 ක් වාර්තා වනවා. එසේම ඉතාලියෙන් මරණ 766 ක්, බි‍්‍රතාන්‍යයෙන් මරණ 684 ක්, ජර්මනියෙන් මරණ 168 ක්, නෙදර්ලන්තයෙන් මරණ 148 ක් සහ ඉරානයෙන් මරණ 134 ක් ගතවූ පැය 24 තුලදී වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *