කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිවු පුද්ගල කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව හමුවට හෙට (22 දා) රංජන් රාමනායක මහතා කැදවීමට තීරණය කර තිබෙනවා.
මෙම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස රන්ජන් රාමනායක මහතාට එජාප මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මගින් ලිපියක් යැවීමටද මෙහිදී තීරණය වූ බව එම කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අදහස් පවසන්නේ මත්ද්‍රව්‍ය චෝදනාවෙන් ටී.එන්.ඒ සහ ජ.වි.පෙ. මන්ත්‍රීවරුන් නිදහස් කළ හැකි බවයි.
“ඒ අයට මේ චෝදනා අදාළ නැහැ.” යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ.