මල්ලිත් එක්ක මහින්ද ‘කොම්පියුටර් ජිල්මාට් දාන බවට’ එජාපයට සැකයක්

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයෙකු වූ වසන්ත දේශප්‍රිය මහතා හා මැතිවරණ කොමිසමට මැතිවරණවලදී පරිඝණක මෘදුකාංග සපයන සමාගමක හිමිකරුවකු වුණ සංජීව වීරරත්න මහතා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරුන් ලෙස පත්කිරීම හේතුවෙන් විශාල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කරනවා.

ඉදිරි මහ මැතිවරණයේ දී රජය විසින් කොම්පියුටර් ජිල්මාට් එකක් කිරීමට සූදානමක් ඇති බවට එමගින් සැක පහළ වෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කළා.

මීට පෙර පැවති මැතිවරණ වලට කොළඹ විශ්වවිද්‍යාලය විසින් පරිගණක මෘදුකාංග සැපයුම සිදුකළද බවත් එහි ගැටළුවක් නොවූ බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

මෙවන් පසුබිමක් තුළ ඉදිරි මහ මැතිවරණයේදී කොම්පියුටර් ජිල්මාට් එකක් සිදුවීමට වැඩි ඉඩක් ඇතැයි ද ඔහු කියා සිටියා.

You May also like

Sorry. No data so far.

Comments are closed, but trackbacks and pingbacks are open.