නිදහස් පක්ෂ – එජාප සන්ධානය දේශපාලන විපර්යාස මත පදනම්වූවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමඟින් සන්ධාන ගත වීම ඉදිරි දේශපාලන විපර්යාස මත පදනම්ව සිදුවනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා.

පක්ෂ දෙක අතරම එවැනි සන්ධාන ගත කිරීමක් පිළිබඳ අදහසක් නොමැති බවත්, එවැනි අවශ්‍යතාවයක් ඇති වීමට පසුගිය කාලයේ ඕනෑ තරම් හේතු තිබුණත් එවැනි දෙයක් සිදු නොවුණු බව ද පැවසු මන්ත්‍රීවරයා මේ වන විට එවැනි විශේෂ අවශ්‍යතාවයක් ඇති නොවන බව ද සඳහන් කළා.

එවැනි දෙයක් සිදු වීමට හැකියාව ඇත්තේ රටේ දේශපාලනයේ සිදුවන ඇතැම් විපර්යාස හේතුවෙන් බව ද පැවසු මන්ත්‍රීවරයා, ඒ පිළිබඳව මේ මොහොතේ පැවසිය නොහැකි බව ද සඳහන් කර සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *