එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමඟ ඊයේ (06) පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස සාකච්ඡා නොවූ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍යය කබීර් හෂිම් මහතා පවසයි.
අද (07) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍යය කබීර් හෂිම් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ ඊයේ පැවැති සාකච්ඡාවේදී සුදුසු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් බවයි.
ඒ අනුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් හෙට (08) පැවැත්වීමට තීරණය කළ බව අමාත්‍යය කබීර් හෂිම් මහතා වැඩිදුරටත් පැවසීය.