හින්දු දරැවෙකු පැහැරගෙනයාමෙන් පකිස්තානයේ නොසන්සුන්තාවයක්

පාකිස්තානයේ සින්ද් පළාතේ රාණිපූර් නගරයේ දී නාඳුනන පිරිසක් විසින් හින්දු ප්‍රජාවට අයත් බාලවයස්කාර පිරිමි ළමයෙකු පැහැරගෙන ගොස් ඇති බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පත පවසයි.

පිරිමි ළමයා අසල්වැසි මිතුරන් දෙදෙනෙකු සමඟ නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටියදී පැහැර ගැනීමට ලක්ව ඇති බව පොලිසිය සහ පවුලේ සාමාජිකයන් උපුටා දක්වමින් පුවත්පත පවසා තිබේ.

වාර්තාවට අනුව, යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් ළමුන් දෙදෙනෙකු පැහැර ගැනීමට උත්සාහ කළ නමුත් එක් අයෙකු පැන යාමට සමත්ව ඇති අතර ප්‍රදේශයේ මිනිසුන් ඉදිරියේ ඔවුන් එක් දරුවකු පමණක් රැගෙන පලා ගොස් තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කරන මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන ආකාරයට පාකිස්තානය පිළිබඳ මානව හිමිකම් වාර්තා ඉතා පහළ මට්ටමකට පැමිණ ඇති අතර එම වාර්තා රට තුළ කාන්තාවන්,සුළු ජාතීන්,ළමුන් සහ මාධ්‍යවේදීන් සඳහා ඇති භයානක තත්ත්වය පිළිබිඹු කරයි.

සින්ද් ප්‍රාන්තයේ සුළුතර ප්‍රජාවන්ට එරෙහි ප්‍රහාර වඩාත් බහුල වීම මෙහි එක් ප්‍රවණතාවයක් වන අතර බාල වයස්කාර හින්දු, සික් සහ ක්‍රිස්තියානි ගැහැණු ළමයින් බලහත්කාරයෙන් ආගමට හැරවීම රට තුළ වඩාත් පොදු සංසිද්ධියක් බවට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තාව වැඩිදුරටත් පවසා තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published.