“පවුල මට වටිනවා”- හිටපු මන්ත්‍රිනී උපේක්ෂා දේශපාලනය නිසා නැති වුණු දේ ගැන කතා කරයි

දේශපාලනය නොකර කලාවේම සිටියා නම් මීට වඩා ලොකු ගමනක් යන්න තිබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය පවසනවා.

දේශපාලනය කිරීමෙන් තමන් විශාල අසාධාරණයක් සිදු කරගත් බවත් යළිත් කිසි දිනෙක යළිත් දේශපාලනය නොකරන බව ද ඇය සඳහන් කළා.

” කලාවේ විතරක් නියැලී දේශපාලනය නොකර හිටියානම් සෑහෙන වටිනවා. දේශපාලනය කරලා මම ලොකු අසාධාරණයක් කරගත්තා. ආපහු කවදාකවත් දේශපාලනය කරන්නේ නෑ.

බොහොම කෙටි කාලයකින් අත්දැකීම් බොහොමයක් ලැබුණා. සුරක්‍ෂිතව ජීවිතය ඉදිරියට යන්න තමයි හිතන්නේ. මූලිකවම මගේ දරුවා” සැමියා පවුල මට දැන් සෑහෙන වටිනවා. කලාවෙන් මට ලැබුණ දෙයක් තිබුණා නම් ඒකත් පරිස්සම් කරගන්න උත්සාහ කරගන්නවා.” යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය ප්‍රකාශ කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *