ඇෆ්ලටොක්සින් ගැන අහන්න උපුල් රෝහණ සෞඛ්‍ය අමාත්‍යංශයට

මව්වරුන්ට ලබාදෙන ත්‍රිපෝෂවල ඇෆ්ලොක්සින් අඩංගු වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගියදා හෙළි කළා. කෙසේ වෙතත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙය ප්‍රතික්ෂේප කළා.

අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එවැනි පසුබිමක් තුළයි අමාත්‍යවරයා ඊයේ දිනයේදී ඇතැම් ත්‍රිපෝෂ නිෂ්පාදනවල ඇෆ්ලටොක්සින් අඩංගු බවට පිළිගත්තේ.

ත්‍රිපෝෂ සමාගමත් ඊයේ ප්‍රකාශ කළේ අඩංගු කිසිදු ත්‍රිපෝෂ පැකට්ටුවක් ගැබිනි මව්වරුන් අතට පත්ව නැති බවයි. නමුත් ඇෆ්ලොක්සින් අඩංගු වන බවට වූ වාර්තා සාම්පල අටක් අප වෙත ලැබී තිබෙනවා.

අදාළ ත්‍රිපෝෂ තොග ලැබී තිබෙන්නේ කළුතර ප්‍රාදේශීය සභාවෙන්. අප ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සභාපති රෝහණගෙන් විමසීමක් සිදු කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *