ශ්‍රී ලංකාවේ ඇමරිකානු හා ජපාන තානාපති නව ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි මෙහෙයුම් මාර්ටින් කෙලී දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලි යන මහත්වරුන්ද මෙම හමුවට එක්ව සිටි අතර මෙහිදී දෙපාර්ශවය සුහද කතා බහක නිරතව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතාද අද ජනපතිතුමන් හමුවී සුහද කතාබහක නිරතවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි තොෂිහිරෝ කිතමුරා නියෝජ්‍ය ලේකම් තකේෂි ඔසකි යන මහත්වරුන්ද මෙම හමුවට එක්ව තිබෙනවා.