ඉන්දියාවට එරෙහිව පකිස්තානය F-16 ප්‍රහාරක ගුවන් යානා භාවිත කිරීම ගැන අමෙරිකාව කරුණු සොයයි (Photos)

ඉන්දීය ගුවන් හමුදාවට එරෙහිව පකිස්තානය විසින් තමන් ලබාදුන් F-16 වර්ගයේ ප්‍රහාරක යානා උපයෝගී කර ගත්තාද යන්න සම්බන්ධයෙන් අමෙරිකාව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට දැනටමත් සිදුකරමින් සිටින බවයි.

පෙබරවාරි 27 වනදා සිය ගුවන් හමුදා ජෙට් යානාවකට ප්‍රහාර එල්ල කොට එය බිම දැමීමට F-16 ප්‍රහාරක ජෙට් යානා පකිස්තානය විසින් උපයෝගී කර ගත් බවට ඉන්දියාව චෝදනා එල්ල කරනු ලබන්නේ සාක්ෂි ද සහිතවයි. ඒ ගුවනේ සිට තවත් ගුවන් යානාවකට පහර දීමට හැකියාව ඇති (Air to Air Missile) මිසයිල භාවිත කළ බවට දැක්වෙන කොටස්ද සහිතවය.

සිය රටට එරෙහිව අමෙරිකාව විසින් ලබා දුන් ප්‍රහාරක ගුවන් යානා උපයෝගී කර ගැනීම හේතුවෙන් පකිස්තානය විසින් අමෙරිකාව සමග ඇති කර ගෙන තිබු ගිවිසුම උල්ලංඝණය කර ඇති බවයි ඉන්දියාව සඳහන් කරන්නේ. නමුත් සිදුකරනු ලබන චෝදනා පකිස්තානය විසින් ප්‍රතික්ෂේප කරන අතර ඉන්දියාවට එරෙහිව F-16 ගුවන් යානා ප්‍රහාරයන් සඳහා යොදා නොගත් බවට ප්‍රකාශ කර සිටියි.

“දෙපාර්ශවය විසින් සිදුකරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් අප දැනුවත්. අප මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයමින් සිටිනවා. කෙසේ වුවත් අමෙරිකාව සහ පකිස්තානය අතර තිබෙන ගිවිසුමේ කරුණු මොනවාද යන්න ගැන හෙළි කිරීමට හැකියාවක් නැහැ. ඇතැම් පුද්ගලයින් සඳහන් කරන පරිදි අමෙරිකාව විසින් පකිස්තානය ගිවිසුම් කරුණු උල්ලංඝණය කර ඇත්ද යන්න ගැන ප්‍රකාශ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් හරි හැටි කරුණු සොයා බැලීම වැදගත්” යැයි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ලුතිනන් කර්නල කෝන් ෆ්ලුක්නර් ප්‍රකාශ කර සිටිනවා.

india-pakistan-f16-missile

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *