ඔසාමා බින් ලාඩන් ගේ පුත්‍රයා වන හම්සා බින් ලාඩන් සම්බන්ධයෙන් තොරතුරක් ලබා දෙන අයෙක් වෙත ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28) මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා.
මිට වසර දෙකකට පමණ ඉහතදී හඬ පටයක් හරහා හම්සා බින් ලාඩන් සිරියාවේ සිටින ඉස්ලාමිය අන්තවාදී (IS) සටන්කාමීන් වෙත පණිවිඩයක් දෙමින් කියා සිටියේ බටහිර ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරනු ලබන සටන අත්නොහරින ලෙසයි.
මේ වන විට හම්සා බින් ලාඩන් සම්බන්ධයෙන් බුද්ධි අංශ සතුව බුද්ධි තොරතුරු නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී ඔහුගේ නායකත්වය යටතේ නව ජිහාඩ් අන්තවාදී සටන්කරුවන් ලෝක ප්‍රජාවට බලපෑමක් වනු ඇති බැවින් එය ව්‍යර්ථ කිරීම බලාපොරොත්තුව බව අමෙරිකාව පවසයි.
හම්සා බින් ලාඩන් පාකිස්ථානයේ හෝ වෙනත් රටක බාරයේ සිටින බවටයි සැක කරන්නේ.