ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක් – ලාංකික ක්‍රීඩකයන්ට සමාන හැඩරුව ඇති පුද්ගලයන් ක්‍රීඩා කරලා

ඌව ප්‍රිමියර් ලීග් නමින් ව්‍යාජ විස්සයි විස්ස තරගාවලියක් ඉන්දියාවේ මෝහාලි ප්‍රදේශයේ සංවිධානය කොට ඔට්ටු තැබීමේ ජාවාරමක නිරතවීම සම්බන්ධයෙන් කුප්‍රකට ඔට්ටු තබන්නෙකු වන රවීන්දර් දන්දිවාල් පන්ජාබ් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 5 දිනක් පොලිස් රක්ෂිතයේ තැබීමටයි නියෝග කර ඇත්තේ.

ජාත්‍යන්තර ටෙනිස් තරඟ පාවාදීමේ සිද්ධීන් වලට ද සම්බන්ධ බව සැලකෙන රවින්දර් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විමසුම් ඇසට යොමුව සිටි පුද්ගලයෙකු බව සඳහන්.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන ඒකකයේ කණ්ඩායමක් අද දිනයේ මෝහාලිය වෙත සිද්ධිය පිළිබඳව සොයා බැලීමට නියමිත බවයි.

ව්‍යාජ ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස සංවිධාන කර තිබූ ව්‍යාජ තරඟයකට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට සමාන හැඩරුව ඇති පුද්ගලයන් තෝරාගෙන තිබූ අතර යූ ටියුබ් මගින් තරඟය විකාශය කිරීමේදී අහම්බෙන් කුඹුරු යායකට කැමරාව යොමු වීම ඒ පිළිබද සැකයක් මතුවීමට හේතු වූ කරුණක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *