ඉලෙක්ට්‍රොනික් සිගරට් බොන්නේ බලාගෙනයි! මේ වන විටත් ජීවිත 5ක් බිලිගෙන අවසානයි

Vaping නමින් හඳුන්වනු ලබන්නේ ඉලෙක්ට්‍රොනික් සිගරට් ආකෘතියක් මගින් සිදුකරනු ලබන දුම් පානයයි. දුම්බීමේ ඇබ්බැහියෙන් පෙළෙන අයට සෞඛ්‍ය ආරක්ෂිත විකල්පයක් හැටියටයි මේ ඉලෙක්ට්‍රොනික් දුම්වැටි හඳුන්වාදෙනු ලැබුවේ. පසු කාලීනව නොයෙකුත් සුවඳ වර්ගයන්ගෙන් යුතු ඉලෙක්ට්‍රොනික් දුම්වැටි හඳුන්වාදීම නිසා තරුණ පරපුරත් මේ දුම්වැටි පානය කිරීමට යොමු වන්නට පටන් ගත්තා.

කෙසේ වෙතත් මේ දුම්වැටි ආශ්‍රයෙන් ඇතිවෙන දරුණු නියුමෝනියා තත්ත්වයක් මේ වෙද්දී ඇමරිකාවේ උග්‍ර තත්ත්වයකට පත් වී තිබෙනවා. මෙම දුම්වැටි පානය හේතුවෙන් සිදුවූ 5 වැනි මරණයත් පසුගිය සිකුරාදා වාර්තා වුණා. ලිපොයිඩ් නමින් හඳුන්වන මෙම රෝගී තත්ත්වය ඇති වීමට ප්‍රථම වමනය, කරකැවිල්ල, කැස්ස සහ පපුවේ රිදීම් ඇතිවන බවට වාර්තා වනවා. මේ වන විට මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙන්නන් 500ක පමණ දෙනෙක්ව ඇමරිකාව තුළින් හමුවී තිබෙනවා.

දුම්බීමේ ඇබ්බැහියෙන් මිදෙන්නට වගේම මත්වෙන ද්‍රව්‍ය පානය කරන්නටත් යොදා ගන්නා මේ වේපින්ග් උපකරණ ලංකාව තුළත් යම්තාක් දුරකට ජනප්‍රිය වෙමින් පවතින්නක්. මෙම අහිතකර ප්‍රතිඵල සම්බන්ධයෙන් මේ වන විටත් වැඩිදුර පර්යේෂණ සිදු කරමින් පවතිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *