වවුනියාව ලංගම ඩිපෝවේ සේවකයින් පිරිසක් සිය විරෝධතාවය අතරතුර මහජනතාව නොසන්සුන් කරමින් ටයර් පිළිස්සීමේ සිද්දියක් සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
අයවැය මගින් රාජ්‍ය සේවකයින්ගේ වැටුපට එක්කළ රුපියල් 2500 ක දීමනාව මෙතෙක් ලංගම සේවකයින්ට නොලැබීම නිසා ඔවුන් 18 දා වවුනියාව ලංගම ඩිපෝව ඉදිරිපිට දියත් කල විරෝධතාවයකදී ටයර් පිළිස්සීමත් සමගම අවට ජනතාව ඒ පිළිබදව වවුනියාව පොලීසියට පැමිණිලි කොට තිබේ.
වහාම පොලිස් කණ්ඩායමක් පැමිණ පුලුස්සන ලද ටයර් වල ගින්න නිවා දමා තිබේ.
මහජනතාවට අපහසු වන අන්දමට ටයර් පිලිස්සීම පිළිබදව වවුනියාව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.