ජානක පෙරේරා ඝාතනයේ තීන්දුවෙන් ‘ප්‍රභාකරන් දුන් ඔරලෝසුවට සහ කමිසයටත්’ තීන්දුවක්

ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 28 දෙනකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 48ක් ලබා සිටි දෙවැනි විත්තිකරු චෝදනා 48න් චෝදනා 31 කට වරදකරු බවට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය තීරණය කළා.

ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කරනු ලැබුවා.

මෙසේ දඬුවම් නියම වූයේ මැදවච්චිය, සියඹලාගස්කඩ මොහොමඞ් උමාර් හබ්තාබ් නමැත්තාටයි.

ඊට අමතරව පළමු, දෙවැනි සහ තුන්වැනි චෝදනාවන්ට විත්තිකරුට වසර 20 බැගින් වෙන් වෙන් වශයෙන් වසර 60 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම් කාලය වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවට ද නියෝග කරනු ලැබුවා.

විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නගා තිබූ 32 සිට 48 දක්වා චෝදනාවන්ට ඔහු නිවැරදිකරු බවට නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරිය එම චෝදනාවන්ගෙන් විත්තිකරු නිදහස් කිරීමට ද නියෝග කළා.

විත්තිකරුට අයත් සියලූ දේපල රාජසන්තක කිරීමට ද තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, එල්ටීටීඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් විසින් විත්තිකරුට තෑගි ලෙස ලබා දී තිබූ ඉහළ වටිනාකමකින් යුත් ස්විස් වර්ගයේ අත්ඔරලෝසුව, සයනයිඞ් කරල සහ කමිසය ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ස්ථාපිත කිරීමට අපේක්ෂිත කෞතුකාගාරයට බාර දෙන ලෙසට ද නියෝග කර සිටියා.

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත සංවිධානයේ හිටපු ස්වයං ඝාතකයෙකු වූ වසන්තන් නොහොත් යක්කලමුල්ල සමන් කුමාර නමැත්තා යොදවා ජානක පෙරේරා මහතා ඇතුළු පිරිස ඝාතනය කිරීමට, පළමු විත්තිකරු සමග එක්ව කුමන්ත‍්‍රණය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් නඩුවේ දෙවන විත්තිකරු වු කලූවන්කේනි චෙන්කලාඩි මඩකලපුව ලිපිනයේ පදිංචි එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්ත සංවිධානයේ හිටපු කර්නල්වරයෙකු වූ සම්මුගන් සුදාහරන් යන අය මීට වසර තුනකට ඉහතදී අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසුව විසි වසරක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *