වින් ඩීසල්ව කම්පාවට පත් කරමින් ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් දර්ශන තළයේ සිදුවූ දරුණු අනතුර

2020 දී තිරගත වන්නට නියමි​ත ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 9 චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර සිදුවූ අනපේක්ෂිත අනතුරක් හේතුවෙන් පසුගියදා එම චිත්‍රපටයේ රූගත කිරීම් තාවකාලිකව නවත්වන්නට සිදුවුණා. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් අලුත්ම චිත්‍රපටයේ වින් ඩීසල් වෙනුවට ක්‍රියාදාම ජවනිකා රඟපාන ඔහුගේ ‘ස්ටන්ට් ඩබල්’ සහාය නලුවා මාරාන්තික අනතුරකට ලක්වීම ඊට හේතුවයි.

උස් බැල්කනියක් මත නැගී සිදුකළ යුතු එම චිත්‍රපටයේ එක් ජවනිකාවක් රූගත කරද්දී ඉහත කී සහාය නලුවාගේ ආධාරක රැහැන්පට කැඩී ඔහුව අඩි 30ක් පමණ උසකින් බිමට ඇද වැටී තිබෙනවා. මෙම ඇද වැටීම හේතුවෙන් ඔහුගේ හිසට දැඩිලෙස හානි සිදුවී ඇති බවටයි වාර්තා වන්නේ. අනතුරින් පසුව එම නලුවාව වහාම ගුවනින් රෝහල
කරා රැගෙන ගොස් තිබෙනවා. ඔහුගේ තත්ත්වය තවම බරපතල බවයි සඳහන් වන්නේ.

මෙම අවාසනාවන්ත අනතුර නිසා ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් රංගන ශිල්පී වින් ඩීසල් දැඩි ලෙස කම්පාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්​නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *