“ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය දෙනවා”

උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට සමීප මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා (Vinay Kwatra) මහතා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවට තවදුරට ත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට අද (ජූනි 23) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවට එක්වූ අවස්ථාවේ මේ බව සඳහන් කර ඇත.

ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විට ත් ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී තිබේ.

ඒ පිළිබඳ සමාලෝචනය කළ දූත පිරිස ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඉන්දීය රජය ත් දේශපාලන අධිකාරිය ත් කැපවී සිටින බව පවසා ඇත.

අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහය වෙමින් ඉන්දීය රජය ඉටු කරන සුවිශේෂි කාර්යභාරය වෙනුවෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයට ත් ජනතාවට ත් පිරිනමන බව ජනාධිපතිතවරයා මෙහිදී දූත පිරිසට ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක් කර ඇති අතර දුෂ්කර කාලපරිච්ඡේදය පසු කර ඉතා ඉක්මණින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි දූත පිරිස විශ්වාසය පළ කර ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *