ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි 2025 වසරේදී පාකිස්ථාන කණ්ඩායමට ක්‍රීඩා කරන බවක් පෙන්වන වීඩියෝ නිර්මාණයක් මේ වන විට ඉන්දියාව තුළ අවධානයට ලක්වී තිබෙනවා. පසුගිය 6 වැනිදාට යෙදුණු පාකිස්ථානු ආරක්ෂක දිනය වෙනුවෙනුයි යම් සංවිධානයක් විසින් මෙම වීඩියෝව එළිදක්වා තිබෙන්නේ.
එම වීඩියෝවෙන් පෙන්වනු ලබන්නේ 2025 වසරේදී එංගලන්තය සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තරඟයක් නරඹන පාකිස්ථානු පියෙක් සහ කුඩා දරුවන් දෙදෙනෙක් අතර ඇතිවෙන දෙබස් කීපයකුයි. එහිදී පාකිස්ථාන ඉනිම ආරම්භ කිරීමටවිරාත් කෝලි, බාබර් ආසාම් සමග පිටියට පිවිසෙන බවට නිවේදකයෙක් කියනවා. තරඟය නරඹමින් සිටින පියා කියන්නේ “විරාත් කෝලි ඉස්සර ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්” බවයි. එවිට කුඩා දරුවෙක් අසන්නේ “ඉන්දියාව කියන්නේ කවුද?” යනුවෙනුයි. වීඩියෝව අවසානයේ පෙන්නනු ලබන්නේ 2025 වන විට මුළු ඉන්දියාවම පාකිස්ථානයට නතු වී ඇති බවයි. මෙය ඉන්දියාව පුරාම ඉස්ලාමය පැතිරවීම Ghazwa-e-Hind නමින් හැඳින්වෙන ඉස්ලාම් අන්තවාදීන්ගේ සිහිනයක් හැටියට දැක්වෙන කරුණක්.
නයිලා ඉනායත් නම් පාකිස්ථානු මාධ්‍යවේදිනියක් විසින් තමයි මෙම වීඩියෝව අන්තර්ජාලයට එකතු කොට තිබෙන්නේ. මෙය හුදෙක් විනෝදයට දමන ලද්දක් සේ පෙනෙන අතර, ඉන්දියානුවන් මෙම වීඩියෝව හාස්‍යයට ලක්කොට තිබෙනු දක්නට ලැබෙනවා
එම වීඩියෝව පහතින්!
Pakistan cricket team playing in Srinagar, Virat Kohli playing for Pakistan. Just some regular delusions, nothing else. pic.twitter.com/swBnUp3ShM
— Naila Inayat नायला इनायत (@nailainayat) September 4, 2019