රත්මලාන ගුවන් තොටු පලේ සිට යාපනය ගුවන්තොටට ආ අමුත්තා

අද(8) උදෑසන කොළඹ රත්මලාන ගුවන් තොටු පලේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට ෆිට් එයාර් ගුවන් සේවයේ (Fit Air) පලමු ගුවන් යානය පැමිණියේය.

එම ගුවන් සේවයට අයත් සේවක සේවිකාවන් පිරිසක් රැගත් එම ගුවන්යානය පෙරවරු 9.20 ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අතර ඉන් ස්වල්ප වේලාවකට පසුව එම ගුවන් යානය ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපලබලා පියාසර කළේය.යළි චෙන්නායි සිට ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන ෆිට් එයාර් ගුවන් සේවයේ ගුවන් යානය පැමිනෙන්නේද පලමුව යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ අනතුරුව රත්මලාන දක්වා ගමන් කිරීමේ සැලසුමක් මතය