චීනයට එරෙහිව නේපාලය පුරා විරෝධතා

චීනය විසින් නේපාලයට ඇති කරන බලපෑම්වලට එරෙහිව එරට තුළ විරෝධතා ව්‍යාපාර වර්ධනය වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කත්මන්දු හි පසුගියදා පැවති ස්වතන්ත්‍ර නාගරික් සමාජ් සංවිධානය මෙහෙය වූ විරෝධතාවයක දී සදහන් කෙරැණේ චීනය නේපාලය මත දේශපාලනික සහ ආර්ථික බලපෑම් එල්ල කරමින් නොනැවතී උතුරැ ප්‍රදේශයේ භූමිය පැහැර ගැනීමක ද නිරත වන බවයි.

නේපාල‍ භාණ්ඩ චීනයට අලෙවි කිරීමට ඉඩ නොදෙමින් දේශසීමාවල සීමා පැනවීම සම්බන්ධයෙන් ද නේපාලයේ ප්‍රදේශ ගණනාවක විරෝධතා පවත්වා ඇති බව පැවසේ.

මේ අතර චීනය නේපාලයේ අභ්‍යන්තර දේශපාලන කටයුතු පාලනය කිරීමට කටයුතු කරන බවත් එම තත්වය වැළැක්වීමට නේපාල මහජන නියෝජිතයන් කටයුතු නොකරන බවටත් චෝදනා නගමින් සංවිධානය කළ විරෝධතාවයක් ද කත්මන්දු හි පැවති බව එරට වාර්තාවල දැක්වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *