ඇමතිවරුන්ගේ අනියම් බිරින්දෑවරුන්ගේ ‘හඬපටවල තියෙන දේ ‘හිරුණිකා හෙළි කරයි(VIDEO)

ඇමතිවරුන්ගේ අනියම් බිරින්දෑවරු කතා කරන හඬ පට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරනවා.

එමෙන්ම ඇමතිලාගේ භාර්යාවන් ද ඇමතූ හඬපට ඔහු සතුව ඇතැයි ද ඇයකියා සිටියා.

කෙසේ නමුත් සදාචාරයක් ඇති නිසා රාමනායක මන්ත්‍රීවරයා ඒවා ප‍්‍රසිද්ධ නොකරනු ඇති බවත් ඇය පැවසුවා.

එම හඬහටවල වැඩිපුරම ඇත්තේ අතිශය පුද්ගලික දේවල් යයිද ඇය සදහන් කළා.

මන්ත්‍රීවරිය මෙම අදහස් පල කරන ලද්දේ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනුයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *