Wagon R රථවලට නොසිතූ ලෙස බද්දක් – ගෙන්වීම නවතන්න සුදානමක්

MH55S Wagon R රථ ද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් බව සඳහන් කරමින් ඒවා සඳහා පෙට්‍රල් මෝටර් රථ සඳහා අයකරනු ලබන බදු කාණ්ඩයට යටත් කිරීම හේතුවෙන් රථයක මිල ඉහළ යනු ඇති බවට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ආනයනික හයිබ්‍රිඩ් වැගන් ආර් රථ සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් අය කිරීමට තීරණය වී ඇත්තේ රේගුවේ වර්ගීකරණ කමිටුව මගිනුයි.

වාහන ආනයනකරුවන් පවසන්නේ, රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් C200 Benz රථ හයිබ්‍රිඩ් නොවන බවට ලබාදුන් තීරණය සමඟ ගලපා MH55S Wagon R රථ පිළිබඳ කිසිදු තාක්ෂණික සොයා බැලීමක් සිදුනොකොට, රේගුවේ මෝටර් රථ අංශය විසින් MH55S Wagon R රථ හයිබ්‍රිඩ් ලෙස නොව, පෙට්‍රල් රථ ලෙස නිෂ්කාෂණය කිරීමට පසුගිය 22 දා සිට තීරණය කර ඇති බවයි.

ඉහළ මිලට ශ්‍රී ලංකාව තුළ වැගන් ආර් රථ අලෙවි කිරීමට නොහැකි හෙයින්, වැගන් ආර් මෝටර් රථ ආනයන නැවැත්වීමට තමන්ට සිදුවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පෙන්වා දෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *