වැලි කඩදාසියක් මගින් පන්දුව පළුදු කළ දෙදෙනා ලෝක කුසලානයට

වැලි කඩදාසියක් උපයෝගී කරගනිමින් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ, ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ හිටපු උපනායක ඬේවිඞ් වෝනර් දෙදෙනාම ලබන මාසයේදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පෙරහුරු තරගාවලියකට මුහුණ දිය යුතුව තිබෙන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීහු පවසනවා .

ලෝක කුසලාන තරගාවලියට යන නවසීලන්ත කණ්ඩායමම නොව, ඊට වඩා ශක්තියෙන් අඩු නවසීලන්ත කණ්ඩායමක් සමග ලබන මාසයේ බ්‍රිස්බේන්හිදී  පැවැත්වෙන මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම යනු වෝනර් සහ ස්මිත් දෙදෙනාම ලෝක කුසලාන තරගාවලියට තෝරාගනු ලබන බවට ලැබෙන පළමු ඉඟියයි.

ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබන සඳුදා (15 වැනිදා) නම් කිරීමට නියමිතය.

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී පසුගිය වසරේ මාර්තු මාසයේ පැවැති ටෙස්ට් තරගයකදී පන්දුව පළුදු කිරීමේ සිදුවීමෙන් පසු වෝනර් හෝ ස්මිත් දෙදෙනාගෙන් කවරෙක් හෝ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළේ නැහැ .

නවසීලන්තයේ කණ්ඩායමකට එරෙහිව, මැයි මස 5, 7 සහ 9 දිනවලදී පැවැත්වෙන මෙම පෙරහුරු තරග තුනම නිල එක්දින තරග නොවේ. එහෙත් එහෙත් ඕස්ට්‍රේලියානු නිල ඇඳුමෙන් තරග කරන බැවින්ද, ලෝක කුසලාන තරගාවලිය සඳහා පූර්ව සූදානමක් වන හෙයින්ද, වෝනර් සහ ස්මිත් දෙදෙනාටම මෙම තරගාවලිය ඉතාම වැදගත් වනවා .

නවසීලන්තයේ සිට බ්‍රිස්බේන් බලා එන කණ්ඩායම
ටොම් ලෙතම් (නායක), ටොඞ් ඇස්ට්ල්, හමීෂ් බෙනට්, ටොම් බ්ලන්ඩල්, ඩග් බ්‍රේස්වෙල්, මැතිව් හෙන්රි, ඩැරිල් මිචෙල්, ජේම්ස් නීෂම්, හෙන්රි නිකොල්ස්, හමීෂ් රදර්ෆර්ඞ්, බ්ලෙයාර් තික්නර්, ජෝර්ජ් වර්කර් සහ විල් යංග්

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *