මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීමට පැමිණිය හැක්කේ පවුලේ දෙදෙනෙකුට පමණයි – ප්‍රභූන්ටත් අවසර නෑ

අභිනව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 20 වැනිදා මන්ත්‍රීවරු දිවුරුම් දෙන අයුරු දැක බලා ගැනීමට එක් මන්ත්‍රීවරයකුට කැඳවාගෙන ආ හැකි පවුලේ සාමාජික සංඛ්‍යාව දෙදෙනකුට පමණක් සීමා කර තිබෙනවා.

කොවිඩ් වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙම සීමාව පනවා ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළා.

මන්ත්‍රීවරුන්ගේ ආධාරකරුවන් කිසිවකුට එදින පාර්ලිමේන්තු ගැලරියට පැමිණීමට අවසර ලබා නොදෙන බව කී හෙතෙම ප්‍රභූ ගැලරියටද කිසිදු ප්‍රභූවරයකුට ආරාධනා නොකරන බව සඳහන් කළා.

එදින පාර්ලිමේන්තුවේ සිදුවන්නේ පළමුව මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සහ ඉන්පසුව කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයා තෝරා පත්කර ගැනීම පමණයි.

මංගල රැස්වීමදා බොහෝ විට පක්ෂ නායකවරුන් අදහස් ප්‍රකාශ කරනු ඇතැයි කී වේත්‍රධාරීවරයා කථානායක, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයා තෝරා ගැනීමට ඡන්ද විමසීම් නෙැපැවැත්වුවොත් රැස්වීම ඉතා ඉක්මනින් අවසන්වනු ඇතැයිද සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *