අමල් වෙනුවෙන් අපි ඩුබායි යැව්වෙ ශාබ්දික මිසක් උදුල් නෙමේ – අමල්ගේ සොයුරු සොහාන්

ඩුබායිහිදි අත්අඩංගුවට පත්වූ අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ගිය බව කියමින් නීතීඥ උදුල් ප්‍රේමරත්න එරටට යාම විවිධ විවේචනයන්ට ලක් විය.

ඒ අතර අමල් පෙරේරා පවුල වෙනුවෙන් මෙරටින් නීතිඥයෙකු පිටත්ව ගිය නමුත් ඒ උදුල් නොවන බව
අමල්ගේ සොයුරු සොහාන් මාධ්‍ය වෙත දන්වා තිබේ. නිල වශයෙන් තම පවුල නියෝජනය කරමින් එරටදී අධිකරණයේ පෙනී සිටිනු ඇත්තේ නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි බව සොහාන් දන්වා තිබේ.

ඒ වෙනුවෙන් විදේශ අමාත්‍යංශය හරහා අවසර ලබා ගත් බවත් ඒ අනුව ඔහුව මෙලෙසින් ඩුබායි වෙත යැවූ බවත් සොහාන් ප්‍රකාශ කර තිබේ.

නීතිඥ උදුල් ප්‍රේමරත්න ඩුබායි වෙත ගොස් කියා සිටියේ තමන්ද එම කාර්යය කරන බවකි. මේ අනුව පෙනී යන්නේ ඔහු මේ වැඩට ස්වේච්ඡාවෙන් දායකවී ඇති සෙයකි.

මින් ඉහත ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවකදී ඔහු ස්වේච්ඡාවෙන් නඩු කථා කරන්නට ගොසින් තිබූ අයෙකු වන අතර වරක් රටම කැළඹූ සේයා සඳෙව්මි ඝාතන සැකකාර ‘කොණ්ඩයා’ වෙනුවෙන්ද නොමිලේ පෙනී සිටියේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *