“අපි දරුවෝ ඉන්න අම්මලා..” – කොකේන් කතාවට පවිත්‍රාගෙන් තද පිළිතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදු කළ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් අපහසුතාවකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

යටියන්තොට ප්‍රදේශයේ ඊයේ (02) පැවැති ජනහමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ දරුවන් සිටින අම්මලාද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් ලෙස සිටින අතර ඔවුන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි.

එනිසා කොකේන් භාවිත කරන මන්ත්‍රීවරිය කවුද යන්න රන්ජන් රාමනායක මහතා අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී කියා සිටියා.

“අපිත් දරුවෝ ඉන්න අම්මලා.එනිසා කරුණාකරලා මන්ත්‍රීවරියෝ ගැන කතා කරනවා නම් කොයි මන්ත්‍රීවරියද කියන්න” යන්න ඇය මෙහිදී සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *