ජයග්‍රහණයේ ප්‍රීතියෙන් උදම්වී ‘කුසල් සමග සුරංග කී කතා නිසා’ ක්‍රිකට් යළිත් ඇවිළේ – පරිෂණයක් ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඇතුළත් වීඩියෝ පටය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අභ්‍යන්තර පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පත්ව ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මෙලෙස වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහරින්නට ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිරකට් ආරංචි මාර්ග පැවසුවේ.

කුසල් ජනිත් පෙරේරා සහ සුරංග ලක්මාල් පළ කළ අදහස් මෙලෙස වීඩියෝගත කර තිබුණා. අදාළ හමුව පවත්වා ඇත්තේ ක්‍රීඩක විවේක කාමරයේදී බවයි අනාවරණ වී ඇත්තේ.

පෞද්ගලික ස්ථානයක පැවති එහි දර්ශන වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරියේ කවුරුන් දැයි සොයා මෙම පරීක්‍ෂණ සිදුවන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *