තමන් සෑම විටම අධිකරණ තීරණවලට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අද (20) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියේය.
“අපි අධිකරණ තීන්දුවලට ගරු කරනවා. ඒ සඳහා අපි නීති උපදෙස් පතනවා. සමහර වෙලාවට අපි දකිනවා මේ පාර්ලිමේන්තුව තුළත් තමන්ට වාසිදායක තීන්දුවක් ආවොත් අධිකරණය හොඳයි. තමාට අවාසිදායක තීන්දුවක් ආවොත් නඩුකාරවරුන්ගේ නම, නඩුකාරයා වාඩිවෙලා ඉන්න කාමරය, ඒ නඩුකාරවරුන්ගේ ඥාති සබඳතා ගැනත් මේ පාර්ලිමේන්තුවේ ඍජුව නිවේදනය කරනවා. අපි එහෙම කරන්නේ නෑ. අපි හැමදාම විශ්වාස කරනවා මේ රටේ අධිකරණය ස්වාධීනව කටයුතු කළ යුතුයි කියන කාරණය. ඒ ගැන විවේචනයක් නෑ.”