විවාහ මංගල උත්සව තහනම අද සිට

පවතින කොරෝනා තත්ත්වය සලකා විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් කරමින් පැනවූ නියෝගය අද සිට ක්‍රියාත්මක වනවා. මංගල උත්සව ඇතුළු පැවැත්වීමට නියමිත සියලු උත්සව සහ මහජන ඒකරාශී වීම් තහනම් කිරීමට රජය ඉකුත් දා තීරණය කළා. ඒ, රටතුල පවතින කොරෝනා ව්‍යාප්තිය අවදානම හමුවේයි. ඒ අනුව ඉදිරි සති 02 ක කාලය සඳහා රට තුළ සියලු උත්සව පැවැත්වීම තහනම් වනු ඇත.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ කොරෝනා වසංගත තත්ත්වයන් හේතුවෙන් තහනම් කර ඇති රැස්වීම්, සාද සහ මංගල උත්සව ආදිය නිවාස හෝ වෙනත් ස්ථානවල ද පැවැත්විය නොහැකි බවයි. ඊට අමතරව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වෙනත් නිවෙස්වලට යාම සහ අමුත්තන්ට සංග්‍රහ කිරීමෙන් ද වළකින ලෙස යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විවාහ මංගල උත්සව පැවැත්වීම අද සිට සති දෙකක කාලයක් තහනම් කිරීම රජය පියවර ගැනීමත් සමග බොහෝ දෙනා නිවෙස් තුල විවාහ මංගල පැවැත්වීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *