තමන්ට ලබාදී ඇති මරණ දඩුවම අභියොගයට ලක් කරමින් ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා ගොනු කළ අභියාචන පෙත්සම පෙබරවාරි මස 15 වනදා වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
ඒ, අදාළ පෙත්සම දීපාලි විජේසූරිය සහ අචල වෙන්ගප්පුලි යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
2008 වර්ෂයේ ගල්කිස්ස ප්‍රරදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 7කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය විත්තිකරුට මරණ දණ්ඩණය නියම කළා.
ඒ, 2015 වසරේ ඔක්තොම්බර් මස 14 වනදායි.