රාජගිරිය බුත්ගම ප්‍රදේශයේ ආයුරා නමින් පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානයක් ඊයේ (20) රාත්‍රී වැලිකඩ පොලිසිය විසින් වටලනු ලැබුවා.
ඒ අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවයි.
මෙහිදී කළමනාකාරිනිය ඇතුළු තරුණියන් පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
තිස් පස් වියැති මෙම පිරිස කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවයි වාර්තා වන්නේ.
වැලිකඩ පොලිස් ස්ථානාධිපති වසන්ත කෝරලගේ මහතාගේ අධීක්ෂණය අනුව දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු සහ නිලධාරීන් පිරිසක් මෙම මෙහෙයුමට එක්ව සිටියා.