වෙන්නප්පුව මන්ත්‍රීනි දුලක්ෂි නංගී එක්ක පොලිසියට චණ්ඩි පාට් දැමූ හැටි (Video)

වෙන්නප්පුව සීනෝර් මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සහෝදරිය වන සුපුණි දුලංජනී ප්‍රනාන්දු ලබන 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් වාහන පරීක්ෂාවක් සිදු කරන අතරතුර ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් මත මන්ත්‍රීවරිය සහ ඇගේ සොහොයුරිය අත්අඩංගුවට ගෙන තිබුණා.