පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීනි දුලක්ෂි ප්රනාන්දු, සහ ඇගේ වැඩිමහල් සහෝදරිය මේ මස 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් අද මාරවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මන්ත්රීවරියගේ බාල සහෝදරිය රියදුරු බලපත්රය සහ අනෙකුත් අවසර පත්ර නොමැතිව අධික වේගයෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙන්නප්පුව – සීනෝර් මංසන්ධියේදී පසුගිය අගෝස්තු 18 වන දා රාත්රියේ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව එහි පැමිණි ප්රාදේශීය සභා මන්ත්රීවරිය, ඇයගේ පියා සහ වැඩිමහල් සහෝදරිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අතර, ඊට අදාළව පොලීසිය මාරවිල මහේස්ත්රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවට ගැනුණේ.
වෙන්නප්පුව මන්ත්රීනි දුලක්ෂි නංගී එක්ක පොලිසියට චණ්ඩි පාට් දැමූ හැටි (Video)