උතුරු කොරියාව සතුව ඇති සියලුම න්‍යෂ්ටික අවි තමන්ට දෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කිම් ජොන් උන් සහ ඔහුගේ නියෝජිතයන් හමුවුණු හැනොයි සමුළුවේදී පවසා තිබෙනවා.
වියට්නාමයේ හැනොයි අගනුවර පැවැති එම සමුළුව, එකඟතාවකින් තොරව අවසන් වුණා.
සමුළුව එසේ අවසන් වීමට එක් හේතුවක් වූයේ ට්‍රම්ප් උතුරු කොරියාව සතු න්‍යෂ්ටික අවි සියල්ල ඇමෙරිකාවට බාර දෙන්නැයි කළ බල කිරීම නිසා යැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබෙනවා.