වැලිකඩ සිට කුඩු විකුණන ‘කුඩු චාමරගේ’ ගෝලයාට වෙච්ච දේ

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කුඩු චාමර නමැත්තාට අයත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මත්කුඩු ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, එම කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වාට ලද තොරතුරකට අනුවයි.

බොරැල්ල – සර්පන්ටයින් මාර්ගයේදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී සොයා ගැණුනු හෙරොයින් මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 505 යි මිලිග්‍රෑම් 600ක්.

මෙම සැකකරුට එරෙහිව මේ වනවිට මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත කොළඹ මහාධිකරණයේ නඩුවක් ද විභාග වනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *