ටෙලිෆෝන් නොම්බරේ නොදුන් සේවිකාවට පහරදුන් ‘වීඩියෝව නිසා’ ආණ්ඩුවේ ලොක්කාට වෙච්ච දේ(VIDEO)

ඊයේ (24) දිනයේදී කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් බවට චෝදනා එල්ල වූ උඩුගම්පොළ පළාත් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ ඉන්ජිනේරුවා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ නිලධාරියෙකු, එම කාර්යාලයේ සේවිකාවකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් පරිදියි.

පහර දුන් නිලධාරීවරයා බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ කළමානාකාරවරයෙකු බවයි වාර්තා වන්නේ. පහරකෑමට ලක්ව ඇත්තේ එහි කළමනාකාර සහකාර නිලධාරිනියක් බවට ද වාර්තා පළ වනවා.

එම පහරදීම සහ ඊට පෙර සිදුවූ බහින් බස්වීම ඇය විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර තිබූ අතර එය ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවීමත් සමග ඒ සම්බන්ධයෙන් කථාබහක් මතුවුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *