තරුණියගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ රජයේ ඉහළ නිලධාරියාට සිදු වූ දේ (VIDEO )

සමාජ මාධ්‍ය ඔස්සේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ඉහළ නිලධාරියෙකු විසින් එහි සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමක් සම්බන්ධයෙන් ප්‍රචාරය වූ වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එහි සභාපති නීතිඥ සාරණ කරුණාරත්න මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ මෙම සිදුවීම 2015 වසරේ ජූනි මාසයේදී සිදුවූ සිදුවීමක් බවයි.

ඒ සඳහා කරන පරීක්ෂණ සඳහා සභාපතිවරයා ලෙස තමන් කිසිඳු මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

එසේම නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු සහයෝගය තමා විසින් ලබාදී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එම වීඩියෝව පහතින් දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *