ඉන්දීය ගුවන් ප්‍රහාරයට ලක්වූ ‘පාකිස්තානය’ත්‍රස්තවාදය ගැන ලංකාවේදී කළ ප්‍රකාශය

ඉන්දියාව පසුගියදා පාකිස්තානයට ගුවන් ප්‍රහාර එල්ල කළේ ත්‍රස්තවාදීන්ට අනුබල දෙන බවට චෝදනා එල්ල කරමින්.

පාකිස්තාන දේශ සීමාවේ සිටින කාශ්මීර් සන්නද්ධ කැරලිකරුවන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඉන්දියාව සඳහන් කළ අතර බාලාකෝට්හි පිහිටි ජෙයිෂ් – ඊ – මොහොමඩ් (Jaish-e-Mohammad (JeM)) නමැති කණ්ඩායමකට අයත් පුහුණු කඳවුරක් ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි පැවසුනේ.

කෙසේ වෙතත් පාකිස්තානය කිසිදු අවස්ථාවක කිසිදු ආකාරයක ත්‍රස්තවාදයකට සහාය නොදක්වන බවයි ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය ෂහීද් අහ්මඞ් හෂ්මත් මහතා කොළඹ දී ඊයේ (25) සඳහන් කරනු ලැබුවේ.

පාකිස්තානය සෑම අවස්ථාවකදීම සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීම සූදානම් සහ විවෘත යැයි ද පාකිස්තාන ජාතික දිනය වෙනුවෙන් කොළඹ ගලධාරී හෝටලයේ පැවැති උත්සවයකදී මහ කොමසාරිස් ආචාර්ය ෂහීද් අහ්මඞ් හෂ්මත් මහතා එම කරුණු සඳහන් කර සිටියා.

කතානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් රවුෆ් හකීම් සහ අර්ජුන රණතුංග, පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර, හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *