කාන්තා පාසලට පැන්න රාජකීය සිසුන්ට පොලිසිය කළ දේ (PHOTO)

කොළඹ හතේ පිහිටි කාන්තා විද්‍යාලයකට අනවසරයෙන් ඇතුළු වීම නිසා අත්අඩංගුවට ගත් කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 20කට අධික පිරිස කොල්ලුපිටිය පොලිසිය මගින් ​ඊයේ (3 ) දැඩි ලෙස අවවාද කොට මුදාහැර තිබෙනවා.

මීට අමතරව නිදහස් චතුරශ්‍රය අසල ගැවසෙමින් සිටි සිසුන් 10 දෙනෙකුට අධික පිරිසක්ද කාන්තා පාසල්වලට ඇතුළු වීමට උත්සාහ දරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.

එම සිසුන් පිරිසද කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා විසින් දැඩිලෙස අවවාද කොට මුදාහැරීමට පියවර ගෙන තිබෙනවා.

රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වූ නීලහරිත සංග්‍රාමය ක්‍රිකට් තරගාවලිය අතරතුර මෙම සිදුවීම වාර්තා වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *