වැසී යාමට ආසන්න රෝහල්වලට කරන්න යන දේ

දිවයිනේ ඇති වැසී යාමට ආසන්න රෝහල් යළි ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවා ආරම්භ කරන ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතා උපදෙස් දී තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නා.

දිවයින පුරා රජයේ රෝහල් 40කට ආසන්න සංඛ්‍යාවක් වැසී ඇති බවත් සියයකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමට ආසන්න බවටත් මෙහිදී අනාවරණ වුණා.

ඒ පිළිබද අවධානය යොමුකළ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ විශේෂ කමිටුවක් පත්කර රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය නිලධාරීන් කඩිනමින් අනුයුක්ත කරන ලෙසයි.

වෛද්‍යවරුන් නොමැති වීමෙන් වැඩිම රෝහල් සංඛ්‍යාවක් වැසී ගොස් ඇත්තේ උතුරු පළාතේ සහ පුත්තලම සහ නුවරඑළිය දිස්ත්‍රික්ක බවට හෙළිවී තිබෙනවා.

වෛද්‍යවරුන් විදේශගතවීම විශ්‍රාම යාම ස්ථාන මාරු ලැබීම යන කරුණු මීට හේතුවුවද ගැටලු කඩිනමින් විසඳා රෝහල්වලින් ලබාදෙන සත්කාරක සේවා පුළුල් කරන ලෙසටයි අමාත්‍ය රඹේෂ් පතිරණ මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *