ඉන්දියාවයි පකිස්තානයයි වර්ල්ඩ් කප් එකේදි ක්‍රීඩා කරයිද?

ඉන්දියාව සහ පකිස්තානය අතර මේ දිනවල ඇතිවන යුද ගැටුම් සහ දේශපාලනික ගැටුම් හේතුවෙන් තවත් දින අනූ හතකින් එංගලන්තයේදී පැවැත්වීමට නියමිත 2019 ක්‍රිකට් ලෝක කුසලානයේදී දෙරටේ කණ්ඩායම් ක්‍රීඩා කිරීම පිළිබඳව අවිනිශ්චිතතාවයක් හට ගෙන ඇත.

දෙරට අතර තරගය ජුනි 16දා පැවැත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් කණ්ඩායම් සහභාගී කරනවාද නැද්ද යන තීරණය ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇත.

අද(22දා) එම කමිටුව රැස්වීමට නියමිතව ඇති අතර එහි තීන්දු තීරණ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කමිටුව නම් එතරම් පැහැදීමක් හෝ විශ්වාසයක් නොමැති බව ඔවුන්ගේ අදහස් දැක්වීම් හරහා පෙනෙයි.

මේ පිළිබඳ ඉන්දියාවෙන් යවා ඇති ලියමනෙහි දැක්වෙන්නේ 2019 ක්‍රිකට් ලෝක කුසලානයෙන් පකිස්තානයට සහභාගි වීම තහනම් නොකළහොත් දෙරට අතර තරගයට තමන් සහභාගි නොවනු ඇති බවයි.

එසේම එම තරගය ඉන්දියාව විසින් ක්‍රීඩා නොකළහොත් පකිස්තානයට ප්‍රසාද ලකුණු දෙකක් හිමි වනු ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *