කවුද මේ ඉසුරු උදාන !

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වන ඉසුරු උදාන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබෙනවා.

ලසිත් මාලිංග ද අද තරගය අවසානයේ සඳහන් කළේ ඉසුරු උදාන ලෝක කුසලානය සඳහා හොඳ සොයා ගැනීමක් බවයි.

ලෝක කුසලානය පෙනෙන මානයේ සිට දස්කම් දක්වන ඔහු සම්බන්ධයෙනුයි මේ විමසා බලන්නේ.

1988 පෙබරවාරි 17 බලන්ගොඩදී ඉසුරු උදාන උපත ලැබූ අතර 2008 වසරේදී ටැමිල් යූනියන් පිල නියෝජනය කරමින් අන්තර්සමාජ තරගවලට එක්ව තිබෙනවා.

ඉසුරු උදාන මුල් කාලයේ පටන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වූ අතර එම වසරේම අන්තර්සමාජ ව්ස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයේ වීරයා හා තරගාවලියේ වීරයාද වෙමින් කැපී පෙනෙන දස්කම් දක්වන්නට සමත්වුණා.

ඉන්පසුව 2012 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දක්වන්නට උදාන සමත්කම් දක්වනු ලැබුවා.

විස්සයි විස්ස තරගවල ඉසුරු උදාන දැක්වූ දක්ශතා නිසාම 2009 විස්සයි විස්ස ලෝක කුසලානයට ඉසුරු තේරී පත්වූ අතර එහිදී 2009 ජූනි 8 වන දින ඕස්ට්‍රේලියාවට එරෙහිව විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් ලබාගන්නට ඉසුරු උදානට හැකි වුණා..

2009 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩාකරන්නට එකල විසි වන වියේ පසුවූ ඉසුරු උදාන සමත් වුවද ඉන්පසුව දේශීය තරගවල එතරම් දස්කම් අතරට එන්නට අසමත් වූ නිසා කණ්ඩායමෙන් ඉවතට විසිව ගියා.

එම නිසා කණ්ඩායමෙන් ඉවතට විසිවූ ඉසුරු පසුගිය වසර කිහිපය තුල ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගවල නිත්‍ය සාමාජිකයෙකු බවට පත්වූ අතර ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේදී දැක්වූ සුපිරි දස්කම් නිසා දකුනු අප්‍රිකානු එක්දින තරගාවලියටද එක් වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *