කොරෝනාවෛරසය චීනයේ පර්යේෂණාගාරයක සිදුවූ කාන්දුවකින් ආරම්භ වූ බවට පළවූ චෝදනා ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බව කොරෝනාවෛරසයේ මූලාරම්භය සෙවීම සඳහා චීනයට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පිරිස පවසති.
මෙම කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෙන් එම්බරෙක් පැවසුවේ, චීනයේ වූහාන් නුවර පිහිටි පර්යේෂණාගාරයකින් වෛරසය කාන්දු වීමකින් සිදුවූ බව පැවසීම පිළිගත නොහැකි බවය.
වෛරසයේ මූලාරම්භය හඳුනාගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ කළ යුතු බව ඔහුගේ අදහසයි.
මෙම අදහස් පළ කෙරුණේ, චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකාබද්ධව සිදු කළ පර්යේෂණය අවසන් වීමෙන් පසුවය.
කොරෝනාවෛරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් ප්‍රදේශයෙන් පළමු වරට හමුවූ අතර මේ වන විට ලෝකය පුරා මරණ මිලියන 2.3ක් සිදුවී තිබේ.
වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව මිලියන 106 ඉක්මවයි.