කාවින්ද්‍යා ගේ සිත හොරා ගත් තැනැත්තා කවුද?

ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි කියන්නෙ ඇගේ ම අනන්‍යතාවයකින් අතිශය ජනප්‍රියත්වයට පත්වුණු කෙනෙක්. නිවේදන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් විදිහට විතරක්ම නෙවෙයි, රංගනයෙනුත් ඇය බොහෝ හපන්කම් පෙන්වූවා.

ඇගේ එකෝමත් එක ආදර කතාවක් අතිශය ප්‍රසිද්ධියට පත් වුණා වුණත්, ඒ ආදර කතාව ගොඩක් දුර දිග ගියේ නැහැ. අනතුරුව, විවිධ සම්මුඛ සාකච්ඡා සඳහා සහභාගී වුණු ඇය කියා තිබුණේ, ‘කවමදාවත් විවාහ නොවන’ බවයි. හැබැයි ඇය එහෙම කිව්වා වුණාට මීට පැය කිහිපයකට කලින් ඇගේ ඉන්ස්ටග්රෑම් පිටුවට ආදරණීය ඡායාරූපයක් එකතු වෙලා තිබුණා.

“…ලෝකයට එරෙහිව අපි..!” කියලා සඳහන් කරපු මේ ඡායාරූපයේ කාවින්ද්‍යා එක්ක ඉන්නෙ කවුද කියලා නම් අපි දන්නෙ නෑ. හැබැයි කලා ලෝකයේ ජනප්‍රිය චරිත කිහිපයකුත් කවීට සුබ පැතුම් එකතු කරලා තිබුණා. සමහරවිට අද හෙටම මේ ‘නන්නාදුනන්නා’ ගැන දැන කියා ගන්න ලැබෙයි..

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *