“අගමැති හිටියෙත් STF රැකවරණයේ..පිටරට හමුදාව දැන් මොකටද ” – හිටපු STF ලොක්කා අසයි

රටේ උද්ගත වී තිබෙන ප‍්‍රශ්නය විසඳීමට පිටරටින් කිසිවෙකු ගෙන ඒමට අදහස් කරන්නේ නම් එම අරමුණ මේ රටේ ආරක්‍ෂක හමුදාව හෑල්ලූවකට පත් කිරීමක් බඳු යැයි හිටපු පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා පවසනවා.

මේ රටේ පැවැති කුරිරු යුද්ධය පැවැති මොහොතේ එය සම්පූර්ණයෙන්ම නැති කිරීමට අපේ ආරක්‍ෂක හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් කි‍්‍රයාකළ බවයි නිමල් ලෙව්කේ මහතා පෙන්වා දෙන්නේ.

හමුදාව එම යුද්ධය මුළුමනින්ම විනාශකර දැමුවේ නම් අද උද්ගතවී තිබෙන තත්ත්වය විසඳීමට පිටරටින් කිසිවෙකු ගෙන ඒමට අවශ්‍ය නොවන බව කී නිමල් ලෙව්කේ මහතා එදා යුද්ධ සමයේදී දේශපාලන ක්‍ෂේත‍්‍රයේ පසුවූ වත්මන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවා පසුවූයේ ද පොලිස් විශේෂ කාර්ය බළකායේ රැකවරණ මැද්දේ බවද සඳහන් කළා.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රශ්න විසඳීමට පිටරටින් ගෙන ඒමට යුද්ධ සමයේ කි‍්‍රයා කළේ නම් අපේ හමුදා රණවිරුවාගේ ජීවිත පවා බේරා ගැනීමට හැකියාවක් තිබූ බව කී නිමල් ලෙව්කේ මහතා අපේ හමුදාව හෑල්ලූවට ලක් කිරීමක් නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද කියා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *