ඉගෙන ගන්න කාලයේ Love කරනවා, Love කරන කාලයේ කසාඳ බඳිනවා, කසාඳ බඳින කාලයේ දික්කසාඳ වෙනවා

“ඉගෙන ගන්න කාලයේ Love කරනවා, Love කරන කාලයේ කසාඳ බඳිනවා, කසාඳ බඳින කාලයේ දික්කසාඳ වෙනවා” යැයි සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාතය පාලිත තේවරප්පෙරුම මහතා සඳහන් කළේය.

අද (21දා) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. අඩු වයසින් විවාහ වීම හේතුවේ ලංකාවේ දික්කසාඳ රාශියක් සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

තම නිවසට තමන් හමුවීමට පැමිණෙන බොහෝ දෙනෙක් මෙසේ දික්කසාඳවූවන් බවත් ජාතික හැඳුනුම්පතට විවාහ වී ඇත්ද නැත්ද යන්න පිළිබඳව ඇතුළත් කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ නීති විරෝධී ලෙස බහුවිවාහ සිදුවන බවත් එවැනි වරදකට නීතියෙන් ලැබෙන්නේ රුපියල් 1500ක දඬයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *