කොරෝනා ගැන හෙළි කළ ‘මාධ්‍යකරුවන්ව’ චීන ආණ්ඩුවෙන් අතුරුදන් කරලා ද? (Photos)

කොරෝනා වෛරසය පිළිබඳව ලොවට තොරතුරු හෙළි කල චෙන් කුයිෂි නමැති චීන මාධ්‍යවේදියා පෙබරවාරි 6 දා සිට අතුරුදන් වී ඇති අතර ඔහු චීන බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන බව වාර්තාවී ඇත. වූහාන් නගරයේ දුර්වලතා පිළිබඳව ලොවට තොරතුරු විකාශනය කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ ඔහු අතුරුදන් වී ඇත.

චෙන්ගේ මිතුරකු පැවසුවේ කිසිදු උණක්‌ වැළඳී නොතිබූ චෙන්ව නිරෝධා යන ක්‍රියාවලියකට යොමු කිරීමට චීන බලධාරීන් ක්‍රියා කළ බවයි.

කොරෝනා වෛරසය වැළඳී වූහාන් නගරයේ වෛද්‍ය පහසුකම් දුර්වල බවත් ප්‍රාදේශීය රෝහල්වල තත්ත්වය අයහපත් බවටත් ඔහු තොරතුරු හෙළි කර තිබිණි.

චෙන්ගේ මව පැවසුවේ ඔහුට 260,000 ක අනුගාමිකයන් සිටින බවයි. කොරෝනා වෛරසය සොයාගත් වෛද්‍ය ලී චෙන්ලියාන් මියගිය දිනයේම චෙන් අතුරුදන්වීම ගැන ඔහුගේ මිතුරෝ චීන බලධාරීන්ට චෝදනා නගා ඇත.

මේ අතර ෆැන්ග් බින් නමැති තවත් චීන මාධ්‍යවේදියකු ද අත්අඩංගුවේ පසුවේ.

ෆැන්ග් බින් සහ චෙන් කියුෂි යන පුරවැසි මාධ්‍යවේදීන් දෙදෙනාම අර්බුදය පිළිබඳව හැකි ලෙස වාර්තා ඉදිරිපත් කළ අතර මේ වනවිට මාධ්‍ය නාලිකා නිශ්ශබ්දව සිටින බවයි වාර්තා වන්නේ.

වුහන්වල සත්‍ය හෙවත් සිදුවෙමින් පවතින දේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු මාධ්‍යවේදීන්ට නොලැබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

එය රෝගය තරමටම බරපතල කරුනක් බවයි විදෙස් මාධ්‍ය වසන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *